ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ප්‍රභාත් ජේ. මලවිගේ මහතා අද (29) වැඩභාරගත්තේය.

වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් නිලධාරියෙක් වන මලවිගේ මහතා වරාය අධිකාරියේ ලාබාලතම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ද ඉතිහාසයට එකතු විය.

මෙම තනතුරට පත්වීමට පෙර වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර 18 කට අධික කාලයක් කළමනාකරණ ක්ෂේත්‍ර පළපුරුදු නිලධාරියෙකි.

සුවිශේෂි අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ඇති මලවිගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරුව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ අතර ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කළ නිලධාරියෙකි.

ඒ මහතා වරාය වෙළෙඳ නාවික ක්ෂේත්‍රය හා සේවා සැපයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වන ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවස්ථා රැසකදී සහභාගි වී තිබේ.

ඔහු සුදුසුකම් ලත් වෘත්තීමය කථිකාචාර්යවරයෙක්, පුහුණුකරුවෙක් වන අතර දුරස්ථ සංවේදනය හා පරිශ්‍ර කළමණාකරනය පිළිබඳ වෘත්තිකයෙකි.

Share This