ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට ඇරඹේ

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට ඇරඹේ

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2020 (2023) ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

ඒ අනුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඊට අදාළ සුදුසුකම් ලබා තිබුණද මේ දක්වා කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම්කරුවන්ට www.moha.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පළකර ඇති ලේඛනයෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Share This