රජයේ දෙපාර්තමේන්තු දෙකක් වහයි

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වහයි

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලද එක් දෙපාර්තමේන්තුවකි.

එසේම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුවයි.