web hit counter
සේවය ස්ථිර කර නොමැති පළාත් පාලන ආයතන වල සේවකයන් ස්ථිර කිරීමේ තීරණයක්

සේවය ස්ථිර කර නොමැති පළාත් පාලන ආයතන වල සේවකයන් ස්ථිර කිරීමේ තීරණයක්

පළාත් පාලන ආයතනවල තවමත් සේවය ස්ථිර කර නොමැති සේවකයන් කඩිනමින් ස්ථිර කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් මෙම ස්ථිර කිරීම් සඳහා ඇතුළත් වන බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද අමාත්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිට පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතිනවා.

එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට නියමිත අතර මේ වනවිට පළාත් පාලන ආයතනවල ස්ථිර නොවන සේවකයන් 10,000ක් පමණ සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙම වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය කඩිනමින් ලබා ගන්නා බව ද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )