කොටි සංවිධානය වල දැමූ රත්‍රං හොයන්න ගිය 4ක් අත්අඩංගුවට

කොටි සංවිධානය වල දැමූ රත්‍රං හොයන්න ගිය 4ක් අත්අඩංගුවට

තිස් වසරක යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය විසින් සඟවා ඇතැයි කියන රන්,මුදල් හා අවි ආයුධ සෙවීම සදහා අති නවීන පන්නයේ ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට මෙම වැටලීම සිදු කර ඇති අතර , විදේශිය නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් කාර් රථයකින් රැගෙන යමින් සිටි මාදම්පේ, මහනුවර, නාත්තණ්ඩිය, මිද්දෙනිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් 58 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ජර්මනියේ නිෂ්පාදිත ඇන්ටනා, බැටරි, බැටරි චාජර්, කොටස් ඇතුලත් ස්කෑනර් යන්ත්‍රයක් නවීන මෝටර් රථයක් ඇතුළු දේපළ ද මෙම සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

Share This