රුපියල් කෝටි 11 ක රත්තරන් රේගුවෙන් අල්ලයි

රුපියල් කෝටි 11 ක රත්තරන් රේගුවෙන් අල්ලයි

රුපියල් කෝටි 11 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 5.650 ක් සමඟ මගීන් පස් දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (27) අත්අඩංගුවට ගත් බව රේගුව පැවසීය.

ලැබුණු තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ කළ හදිසි සෝදිසියකදී චෙන්නායි බලා පිටත්ව යෑමට සූදානම් වූ එම මගීන් සඟවා තිබූ ජෙල් ආකාරයෙන් සකස් කළ කරල් 15 ක් සොයාගත් බවත් එහි සම්පූර්ණ බර ග්‍රෑම් 5650 ක් මෙන්ම ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 107 ක් බවත් රේගුව පැවසීය.

එම පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවත් රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් වැඩිදුරටත් විමර්ශන කරන බවත් රේතුව වැඩි දුරටත් සඳහන් කරයි.

 

Share This