සැකකරු ඇල්ලුවත් වැඩවර්ජනය හෙටත් – GMOA

සැකකරු ඇල්ලුවත් වැඩවර්ජනය හෙටත් – GMOA

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දුෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වැඩවර්ජනය හෙට (13) උදේ 08.00 වන තුරු එලෙසම පවතින බව එම සංගමය පවසයි.

මෙම වර්ජනය හමුවේ ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල් සහ ත්‍රිවිධ හමුදා රෝහල් වල සාමාන්‍ය වැඩ රාජකාරීවලට බාධාවක් ඇති නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ගෙන සිටින කිසිදු වෛද්‍යවරයෙකු පෞද්ගලික අංශයේ රෝහල්වල ද ප්‍රතිකාර ලබාදීම මෙම වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළ සිදු නොවන බවයි, චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.