ග්ලේන්ෆෝල් දිය ඇල්ලත් නාය යයි

ග්ලේන්ෆෝල් දිය ඇල්ලත් නාය යයි

ග්ලේන්ෆෝල් දිය ඇල්ල ආසන්නයේ ඉහල ප්‍රදේශයේ කොටසක් ඊයේ (21) සවස නායයාමකට ලක් වී තිබේ.

නුවරඑළිය නගරයේ බටහිරි මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දිය ඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවත්, දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම නායයාම සිදුවන්නට ඇතැයි නුවරඑළිය නගර වැසියෝ පවසති.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිට විශාල පස් කන්දක් පහල ප්‍රදේශය දක්වාම නායායමට ලක්ව ඇති බවද ඔවුහු කියති.

අඩි 33 ක් උස ග්ලේන්ෆෝල් දිය ඇල්ල අතීතයේදී විශාල ජල කදක් පහලට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙමින් පැවැති බවත්, එහෙත් අතීතයේ පටන් සිදු කරන ලද විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට දිය ඇල්ල වැසි රහිත දිනවල කුඩා දිය පහරකට පමණක් සීමාවී ඇතැයි නුවරඑළිය නගර වැසියෝ වැඩිදුරටත් පවසති.

Share This