සිසුවියන් තිදෙනකු අපයෝජනය කල පන්ති බාර ගුරාට වුන දේ

සිසුවියන් තිදෙනකු අපයෝජනය කල පන්ති බාර ගුරාට වුන දේ

නුවරඑළිය දිස්ත්‍රිකයේ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් මහා විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකු පාසලේ විද්‍යාගාරය තුළදී අපයෝජනයට ලක්කළා යැයි සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව කිර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කිතුල්ලේ ප්‍රදේශයේ 29 හැවිරිදි විවාහක ගුරුවරයකු වන අතර ඔහුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.

පන්ති භාර ගුරුවරයා වන මොහු මෙම සිසුවියන් තිදෙනාගෙන් එක් සිසුවියක සමග ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර එම සිසුවිය හරහා සම්බන්ධ වූ අනෙක් සිසුවියන් දෙදෙනාද අපයෝජනයට ලක් කර ඇතැයි මුලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙම සිසුවියන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගුරුවරයා එක් සිසුවියකගෙන් වට්සැප් මගින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කරකම් කර ඇති බවද පොලිසිය පවසයි.

ඔහුව අද (21) අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.