
ගසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් – 200කට අධික පිරිසක් මරුට
ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු -අෆා ඇතුලු පලස්තීනුවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාර වලින් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් තිබේ.
පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙය හැඳින්වෙනවා.
ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාර වලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.
ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.
සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළේය.
ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින්.
කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමුකරමිනි.
අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ දිනයේදීය.
මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කරයි.