ගයා රම්‍ය අල්විස් දිවිගමනට සමුදෙයි

ගයා රම්‍ය අල්විස් දිවිගමනට සමුදෙයි

සම්මානනීය ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළේය.

අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ඨ ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස්ගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස්ය.

Share This