
ප්‍රාදේශීය සභා අපේක්ෂකයා ගංජා එක්ක මාට්ටු
මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර පාර සිරම්භිඅඩිය පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
ලැබුණ තොරතුරක් මත අදාල ස්ථානය කරුවලගස්වැව පොලිසිය හා යුද හමුදාව එක්ව කළ වැටලිමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.