කෝටි හතක කේරළ ගංජා සමග හතරක් කොටු
ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු යාත්රා ආධාරයෙන් රැගෙනවිත් අලෙවිය සදහා ගබඩා කර තිබූ රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ 110ට ආසන්න තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු (21) අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් පිරිසක්ව සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු යාත්රා ආධාරයෙන් ඉතා සූක්ෂම ලෙස හොර රහසේ මෙරටට රැගෙවිත් පුනරින් පොලිස් බල ප්රදේශයට අයත් පල්ලිකුඩා ප්රදේශයේ නිවසක රහසිගතව ගබඩාකර තිබියදී යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් පිරිසක් විසින් සොයා ගෙන තිබේ.
කේරළ ගංජා කිලෝ 108යි ග්රෑම් 468ක් පොලිතින් කවර වල බහා ජලය ඇතුළත් නොවන අයුරින් සකස් කර තිබී ඇති අතර, නිවසේ හිමිකරුගෙන් කල මූලික ප්රශ්ණ කිරීම් වලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළත්ව අනෙකුත් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු (36) (39) (41) (47) වියේ පසුවූ යාපනය, පුනරින්, මන්නාරම ආදී ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවත්, මොවුන් කාලයක් තිස්සේ මෙම නීති විරෝධි කේරළ ගංජා ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු යාත්රා ආධාරයෙන් මෙරටට රැගෙනවිත් ඇත්තේ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ආකාරයෙන් බවට පොලිසිය කල මූලික විමර්ශණ වලදී කරුණු රැසක් අනාවරනය වී ඇති බවයි උසස් පොලිස් නිළධාරියකු පවසා සිටියේ.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනා යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රදවා තබා ගෙන ප්රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර, මොවුන් රදවා තබා ගෙන වැඩි දුර ප්රශ්ණ කිරීමට නියමිත බව වාර්තා වේ.
පොලිස් පරික්ෂක ජයසුන්දර, පොලිස් සැරයන් (61425) බණ්ඩාර, පොලිස් කොස්තාපල් වරුන්වන (73212) විජේසූරිය, (88792) ජයන්තන්, (88959) සම්පත්, (89521) කවිහර්ශණ්, (91780) ජෝශප්, (91782) ප්රගනීතන්, (91799) ප්රවීන්, (99041) ජේසුදන් යන නිළධාරින් විමර්ශණ සදහා එක්ව තිබුණි.