අම්මයි දුවයි පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

අම්මයි දුවයි පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කර ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කර ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවද කියයි.

ලද තොරතුරකට අනුව මෙම ගණිකා නිවාසය පිළිබඳව සති දෙකක කාලයක් පොලිස් නිලධාරීන් ආවේෂණ රාජකාරිවල නිරතව සිට රුපියල් 5,000ක මුදලකට උපාය දූතයෙක් යොදවා ගණිකාවක මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

Share This