රියදුරු නොමැතිව මන්ත්‍රී නිවසට කඩා වැදුණු ලොරි රථය

රියදුරු නොමැතිව මන්ත්‍රී නිවසට කඩා වැදුණු ලොරි රථය

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ඊයේ (11) රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබේ.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැත.

අනතුර සිදුවීමට මොහොතකට පෙර මන්ත්‍රීවරයා නිවසේ සිට ඇති අතර සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

Share This