ගජේන්ද්‍ර කුමාර්ට දිවුලපතානේ දී ගමනත් අහුරා හූවක්

ගජේන්ද්‍ර කුමාර්ට දිවුලපතානේ දී ගමනත් අහුරා හූවක්

දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ආ දෙමළ ජාතික පෙරමුණේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට එම ගම්මානයේ පිරිසක් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධය දක්වා තිබේ.

අද (15) පෙරවරුවේ පැමිණි මන්ත්‍රීවරයාට ගමට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර පැය එකහමාරකට ආසන්න කාලයක් වලමණ්ඩිය පාලම අසල රැඳී සිටි මන්ත්‍රිවරයා ගම්වාසීන්ගේ හූ හඬ මධ්‍ය ආපසු හැරී ගියේය.

මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියේය.

සිද්ධිය සැල වූ වහාම කරදියනාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී ඇත.

ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණ ඇති බවට ගම්වාසීහු චෝදනා කරති.

Share This