ඉන්ධන කෝටා ක්‍රමය ගැන දැනුම්දීමක්

ඉන්ධන කෝටා ක්‍රමය ගැන දැනුම්දීමක්

චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේ.

මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසීමට චීනයේ සිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වනදා සිදු කෙරුණා.

ඒ, අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු සහ නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සිනොපෙක් සමාගමට අවසර හිමි වනවා.

මේ අතර ඉන්ධන කෝටාව යත්තේ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමට රජය පසුගිය 30 වනදා සිට තීරණය කරනු ලැබුවා.

Share This