ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් අඩුකර තිබේ.

එම මිල අඩු කිරීමත් සමග ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් වන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තවදුරටත් පවතින බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ඒ අනුව, ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තවදුරටත් පවතින බවයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේ.

Share This