ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනයට

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනයට

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේස්කර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.