අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270 ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180 ත් 234 අතර මිල සටහන් වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30 ත් 36 අතරත් මිල සටහන් වෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් නිකුත් කළ නව මිල පරාසයන් පහතින්,