මුහුදේදී ක්ලාන්ත වූ ධීවරයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

මුහුදේදී ක්ලාන්ත වූ ධීවරයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මුහුදේදී ක්ලාන්ත වී මරණයට පත්ව ඇත් බව යාපනය රෝහල් පොලීසිය සදහන් කරයි.

ඔහු ඊයේ (04) මෙසේ මුහුදේදී ක්ලාන්ත වීම හේතුවෙන් මරණයට පත්ව තිබේ.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමලසුරි අන්රයන්යුත් නැමති 42 හැවිරිදි පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාල පුද්ගලයා ඇතුළු තිදෙනකු මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් තිබේ.

එහිදී ඔහු හදිසියේ ක්ලාන්ත වී ඇති අතර පසුව අනෙක් පිරිස ඔහු රෝහල්ගත කළත් මියගොස් ඇතැයි පොලිසිය කියයි.