කළුතර ගෘහ විදුලි උපකරණ මධ්‍යස්ථානයක ගින්නක්

කළුතර ගෘහ විදුලි උපකරණ මධ්‍යස්ථානයක ගින්නක්

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න පාලනය කරමින් සිටියි

ගින්නෙන් එහි දේපලවලට හානි සිදුව ඇති අතර, ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වෙමින් පවතී.

ජනෙල් විදුරු කඩා බිද දමමින් ඇතුලත ගින්න නිවිමට ගිණි භටයින් වෙහෙසක් ගනිමින් සිටින අතර , විදුලි සේවකයින් විදුලි විසන්ධි කරමින් සහාය වෙමින් සිටී.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක පලකරයි.

ගින්න හටගෙන ඇති ගොඩනැගිල්ලට යාබද රාජ්‍ය බැංකුවක් ස්ථාපිතව ඇති බැවින් යබද ගොඩනැගිලිවලට ගින්න පැතිරීම වැලැක්වීමට පියවර ගනිමින් සිටී.

කළුතර උතුර පොලිසිය සහ ප්‍රදේශ වාසීන් ගිනි භටයින් සහය වෙමින් සිටී.