
ගින්නකින් කළුතර නිවසකට දැඩි හානි
කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර හීනටියංගල කොච්චිකොටුව ප්‍රදේශයේ නිවාස රැසක් මැද පිහිටි වසා දමා ඇති නිවසක් මෙසේ ගිනිගෙන දැවී ඇති බවයි වාර්තා වන්නේ.
කළුතර මහ නගර සභාවේ ප්‍රධාන ගිනි නිළධාරී න් ගිනි නිවන රථ දෙකක් රැගෙන ගිනි භඨයින් සමග එක්ව අවට නිවාස වලට ගින්න පැතිරී යාමට ඉඩ නොදී ප්‍රදේශවාසීන් ගේ ද සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.
ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති අතර , සිදුව ඇති දේපල හානිය ගණන් බලා නොමැත.