web hit counter
අම්පාර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

අම්පාර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ විශාල කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි, වාර්තා වන්නේ.

කර්මාන්ත ශාලාව තුළ පෑස්සුම් වැඩ කරද්දී එහි ඇතිවූ ගිනි පුපුරකින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අක්කර දෙකකට ආසන්න විශාල භූමි ප්‍රදේශයක විහිදී ඇති මෙම කොහු කර්මාන්ත ශලාවේ ගින්න සීග්‍රයෙන් පැතිරෙන බව ද වාර්තාවේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )