කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නකින් 04 ක් මරුට – තවත් 04 කට තුවාල

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලක ගින්නකින් 04 ක් මරුට – තවත් 04 කට තුවාල

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන්
සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, පිරවුම්හලේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු බවයි, වාර්තා වන්නේ.

ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.

ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ.

පුපුරා නොගිය ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බව පැවසේ.

අනතුරින් මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.