කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයේ ගින්නෙන් සිසුන් 70ක් අතුරුදන්

කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයේ ගින්නෙන් සිසුන් 70ක් අතුරුදන්

කෙන්යාවේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකට හසුවූ සිසුන් 70 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගින්නෙන් සිසුන් 17 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා කළේ.

9 , 12 සහ 13 වයස්වල පසුවන පිරිමි ළමුන් එම නේවාසිකාගාරයේ සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

පෙරේදා රාත්‍රියේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයේ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.