ග්‍රෑන්ඩ්පාස් රත් කළ ගින්න

ග්‍රෑන්ඩ්පාස් රත් කළ ගින්න

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ගෙන තිබේ.

මේ වනවිට පොලිසිය සහ කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි, වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

@newsi.lk

කොළඹ රත් කළ ගින්නේ නොදුටු දසුන් #srilanka #fire #colombo #foreyoupage #fyp #viral #trending #newstoday #breakingnews #newsi

♬ original sound – newsi.lk – newsi.lk

 

Share This