
FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කර තිබේ.
රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව කාෂ් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුවයි ඔහුට එම තනතුර හිමිව ඇත්තේ.
ඊයේ (20) පැවැති ඡන්ද විමසීමේදී 51 – 49 ක් ලෙස කාෂ් පටෙල්ට පක්ෂව වැඩි ඡන්ද 02ක් හිමිව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාෂ් පටෙල් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙකි. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ඔහු නම් කළේ ට්‍රම්ප්ය. ඒ අනුව, සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවිය.
ඒ අනුව, කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
කාෂ් පටලේ උපත ලබා ඇත්තේ 1980 වසරේය. ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන්ය. ඇමෙරිකාවට පැමිණීමට පෙර, පටලේ හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේය.
පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇත.
ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ නිවාස ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර ඇත.