දිවයින ආශ්‍රිත ගැඹුරු මුහුදේ පිපිරීමක් ගැන තොරතුරු!

දිවයින ආශ්‍රිත ගැඹුරු මුහුදේ පිපිරීමක් ගැන තොරතුරු!

බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි, වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර තිබේ.

තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 22 වැනි දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසූ මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 ක් බව සඳහන්.

තවත් කැස්බෑවුන් තිදෙනෙකුගේ පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති අතර එම සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් කැස්බෑවන් මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මියගොස් ඇති බවය.

මියගිය කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් වන අතර කොළ කැස්බෑවන් දෙදෙනෙකු ද ඒ අතර වන බව සඳහන්ය.

Share This