ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනයේ EXIM බැංකුව එකඟතාවයක

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනයේ EXIM බැංකුව එකඟතාවයක

ශ්‍රී ලංකාවේ විශාලම ද්විපාර්ශ්වීය ණය කරුවෙක් වන චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

“ඩොලර් බිලියන 46ක ණයක් තිබුණා. අපි බහුපාර්ශ්වීය ණය ගෙව්වා. ද්විපාර්ශ්වීය ණය ගෙවන්න තියෙනවා. අපේ විශාලම ණය හිමියා චීනය. චීනයේ එක්සිම් බැංකුව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට දන්වා තිබෙනවා. මෙය හොඳ ප්‍රකාශයක්. මේ ගැන අපිට ඉදිරියේදී දැන ගන්නට ලැබේවි.” යැයිද, අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, චීන එක්සිම් බැංකුව විසින් ගෙන ඇති තීන්දුව අපේ රටේ ආර්ථිකයට මෙන්ම ඒ හා සම්බන්ධ සියළු කාරණා වලට ඉතාමත්ම සාධකයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.