ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ දැනුම් දීමක්

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ දැනුම් දීමක්

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

සිසුසිසුවියන් විභාගය සඳහා පෑන් භාවිත කරන්නේ නම් ඒ සඳහා කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙසත් වෙනත් වර්ණ පාවිච්චි නොකරන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.

දරුවන් පැන්සල භාවිතා කරන්නේ නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති අතර පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක් රැගෙන එන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම විභාග මධ්‍යස්ථානයට මකන කෑල්ලක්, අඩි කෝදුවක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවෙනවා.

ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවසර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.