ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව සිසුන් 4 සහ 5 ශ්‍රේණි වලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මගින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 30%ක් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම වන අතර අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මඟින් සිදු කරන බව ද ඇමැතිවරයා නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින් පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හි නියමු ව්‍යාපෘති 1, 6, 10 ශ්‍රේණි මුල් කරගෙන ලබන වසරේ දී (2025) ආරම්භ කරන බවත් බව ද හෙතෙම මෙහිදී පැවැසීය.

 

Share This