කල් දැමුණු උතුරු මැද 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට

කල් දැමුණු උතුරු මැද 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණු උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.

ඒ අනුව, රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි, ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විභාගය සඳහා අවශ්‍ය වන ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට නිකුත් කර ඇති අතර, ඒවා අද දිනයේ දී අදාළ විදුහල්පතිවරුන් වෙත බෙදාහැරීමට නියමිත බව සඳහන්.