හිටපු සුරා බදු කොමසාරිස්ට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි
මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සිව්දෙනකුට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, දිලිප් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවරා ඇති එම පෙත්සම විභාග කිරීම සඳහා කැඳවුවත් නිසි විනිසුරු මඩුල්ලක් නොමැති වීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී අලුතින් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කිරීමෙන් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සිව්දෙනකු අධිකරණයට අපහාසයක් කර ඇති බවට ගම්පොළ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.