දෙවැනි ටෙස්ට් තරගයත් එංගලන්තය ජය ගනියි

දෙවැනි ටෙස්ට් තරගයත් එංගලන්තය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 190 කින් පරාජය කරමින් ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනිමට සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 196ක් පමණි.

නැවතත් දෙවැනි ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 251ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රි ලංකාවට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කළ හැකිවූයේ ලකුණු 292ක් පමණි.

එංගලන්තයේ ගට්ස් එයිට්කින්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.