ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුවෙන් ඇප තියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පොහොට්ටුවෙන් ඇප තියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (06) පෙරවරුවේ ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කර තිබේ.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, කණ්ඩායම් නායක හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරු හතර දෙනෙකු සහභාගී වී තිබේ.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.

මෙම ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළේය.

ඒ අනුව, ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතව ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය.