ඇල්පිටියේ 17හැවිරිදි තරුණිය ඝාතනයේ තොරතුරු රැසක් එළියට

ඇල්පිටියේ 17හැවිරිදි තරුණිය ඝාතනයේ තොරතුරු රැසක් එළියට

ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමක තිබී ගෙල කපා ඝාතනය කරන ලද තරුණියකගේ මළසිරුරක් ඊයේ (09) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.

මෙසේ සොයා ගනු ලැබූවේ, කරන්දෙණිය මණ්ඩකන්ද තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි වන්නිආරච්චි කංකානම්ගේ හංසිකා නදීෂානි නමැති දාහත් හැවිරිදි අවිවාහක තරුණියකගේ මළ සිරුර බවද පොලීසිය කියයි.

තරුණිය මාර්තු (08) වැනිදා සිය මව සමග යමින් සිටියදී කරන්දෙණිය තල්ගහවත්ත, පාලම අසලදී ඇය සමග සම්බන්ධතාවයක් පැවැත්වු ඇයගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සහ තවත් අයකු විසින් පිහියක් පෙන්වා ඇය බිය ගන්වා ඔවුන් පැමිණි තීරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් ඇතැයි අනාවරණයවූ බවද පොලීසිය කියයි.

තරුණිය තමා සමග ඇසුරක් පැවැත්වූ සහෝදරියගේ සැමියා තමාට අමානුෂිකව ලෙස පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව ඒ සදහා සිය මව සමග යමින් සිටියදී ඇය මස්සිනා විසින් මෙසේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් තරුණියගේ මව පැමිණිල්ලක් දමා ඇති බවද පොලීසිය පවසයි.

මාර්තු 8 වැනිදා සිය මස්සිනා විසින් පැහැර ගෙන ගිය මේ තරුණිය පිළිබදව පොලීසිය හා ඥාතීන් සොයා බැලුවද ඒ පිළිබදව හෝඩුවාවක්වත් නොලැබුණු බවත් පසුව ඊයේ පෙරවරුවේදී ඇල්පිටිය, තලාව පාර, නානායක්කාර ප්‍රදේශයේ තේ ඉඩමක ගෙල කපා ඝාතනය කර තිබියදී ඇයගේ මළ සිරුර සොයාගත් බව ද පොලීසිය කියයි.

ඝාතනයවූ වූ තරුණිය සිය සහෝදරියගේ සැමියා සමග මීට මාස හතරකට උඩදී පවුල් කෑම සදහා ඇල්පිටිය, තලාව පාර, නානායක්කාර ප්‍රදේශයේ කුලී නිවසකට ගොස් ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය උඩ ඝාතනයවූ තරුණියගේ මව ඇයගේ දැනුම්දීම මත ඇය විසූ කුලී නිවසට ගොස් කරන්දෙණිය මණ්ඩකන්ද තල්ගහවත්ත ප්‍රදේශයේ සිය නිවසට කැදවාගෙනවිත් ඇති බවත් පොලීසිය කියයි.

පසුව තරුණිය මාර්තු 6 වැනිදා තමාට සිය මස්සිනා අමානුෂිකව පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා තිබේ.

ඒ පැමිණිල්ල අනුව පොලීසියෙන් එය විභාග කිරීම මාර්තු 8 වැනිදා නියම කර තිබූ අතර ඇය සිය මව සමග ඒ සදහා යමින් සිටියදි ඇය සමග ඇසුරක් පැවැත්වූ මස්සිනා ඇයව මෙසේ පැහැර ගෙන ගොස් තිබෙන බව ද පොලීසිය කියයි.

තරුණියගේ ඝාතනය බොහෝ වේලාවට ඇය සමග ඇසුරක් පැවැත්වූ මස්සිනා සිදුකරන්නට ඇතැයි සැකකරන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුව අත් ඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි.

 

Share This