තවත් ඇතින්නියක් වෙඩි පහරින් මරුට

තවත් ඇතින්නියක් වෙඩි පහරින් මරුට

කැකිරාව වෙරුම්කුලම වැව ආසන්නයේ දී වෙඩි වැදී මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නියකගේ මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.

කැකිරාව පොලිසිය සඳහන් කළේ, ප්‍රදේශයේ පවතින ජල හිඟය හේතුවෙන් වෙරුන්කුලම වැවෙන් ජලය පානය කිරීම සඳහා පැමිණි ඇතින්නක් මෙලෙස ඝාතනයට ලක්වන්නට ඇතැයි සැක පළ කරන බවයි.

ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව කැකිරාව පොලිසියේ නිලධාරීන් සහ ගනෙවැල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්තඩංගුවට ගෙන නොමැත.

එහිදී ගනෙවැල්පොල වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මිය ගිය ඇතින්න අවුරුදු 10-15 ත් අතර වයසේ පසුවන බවයි.

අතින්නියගේ නළල මත ඉතා සියුම් තුවාලයක් පිටතින් දක්නට තිබෙන බවත් වෙනත් කිසිදු තැනක වෙඩි සලකුණු නොමැති බවත් එක උණ්ඩයක් හිස මත පසාරු කරගෙන ගොස් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

Share This