මැතිවරණ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඩුවම් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැතිවරණ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඩුවම් ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම දක්වා බරපතළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.

නීති විරෝධී කටයුතුවලට නොයෙදෙන ලෙසට ආධාරකරුවන්ට උපදෙස් දෙන්නැයි අපේක්ෂකයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටි රත්නායක මහතා නීති විරෝධී ක්‍රියා සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ජනාධිපතිවරණය තෝරාපත් කර ගැනීමේ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇතැයිද සඳහන් කළේය.

පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොරව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ලෙස සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී නාම යෝජනා බාර ගැනීමෙන් අනතුරුව අපේක්ෂකයන්ට උපදෙස් නිකුත් කරමිනි.

අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හෝ තවත් අපේක්ෂකයකු අගතියට පත් කිරීමට ප්‍රචාරක පත්‍රිකා අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අවධානය යොමු කළ යුතු බවද සභාපතිවරයා කීවේය.