තැපැල් ඡන්ද විමසීමට අදාළ දින 04 ප්‍රකාශයට පත්කෙරේ

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින 04 ප්‍රකාශයට පත්කෙරේ

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද වීමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 දින සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙම දින වල සිදු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම මේ මස 26 වනදා සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.