ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන අවසන් තීන්දුව ගන්න කොමිසමේ විශේෂ රැස්වීමක් අද

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන අවසන් තීන්දුව ගන්න කොමිසමේ විශේෂ රැස්වීමක් අද

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26 වැනිදා) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව අද (25 ) දින රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බවය.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන තුරු දිස්ත්‍රික් මැතිවරණ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරු පවසයි.

නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.

ඒ, කොමිසමට ලැබුණු පැමිණිලි අනුව ක්‍රියා කිරිමෙන් අනතුරුවයි.

දේශපාලන මැදිහත්වීමෙන් ඡන්ද දායකයින්ට පත්වීම් ලබාදීම් හා භාණ්ඩ බෙදාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් එලෙස නතර කෙරුණු බව ඔහු පැවසුවේ ය.