මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් (01) අවසන් වෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල ප්‍රදර්ශනයට තබා ඇති බවයි.

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට WWW.ELECTIONS.GOV.LK වෙබ් අඩවියද භාවිත කළ හැකි බව ඔහු පැවසීය.

Share This