සියලු අමාත්‍යාංශ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු අමාත්‍යාංශ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන සතියේ මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් මෙලෙස කැඳවන බවයි, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊට අදාළව රට තුළ ක්‍රියාත්මක නීතිය පිළිබඳව ඔවුන් වෙත යළි අවධාරණය කිරීමට මෙහිදී අපේක්ෂා කරන බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.