බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් ?

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් ?

මේ වනවිට මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳපොලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීම සඳහා පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (01) යෝජනා කරනු ලැබීය.

බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම මෙහි අරමුණයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විය.

උත්සව සමය ඉළක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙද පොල තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර තිබේ.