ඉදිරි මාස තුනට බිත්තර මිලියන 92 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස තුනට බිත්තර මිලියන 92 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා මඟින් මිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් තුනකින් මිල ගණන් කැඳවා තිබේ.

එකී මිල ගණන් මත පදනම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙලෙස බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Share This