06 ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට

06 ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 වනදා රාත්‍රී 12.00 දක්වා කාලය තුල අයදුම් කළ හැකියි.

ඒ අනුව https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ය.

එහි දී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි ය.

Share This