ජපානයට ප්‍රභල භූ කම්පනයක්

ජපානයට ප්‍රභල භූ කම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලත්වයක් යුතුව අදාළ භුකම්පනය සිදුව ඇත.

භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10 ක් ගැඹුරින් හටගෙන ඇති බව පැවසේ.

භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම ටෝකියෝවට ද කම්පන දැනී ඇති බවයි

ජපානය මෑතකදී සිදුවිය හැකි “විශාල භූ කම්පනයක්” පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුන අතර කෙසේ වෙතත්, සතියකට පසුව, එය ඉවත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙබ තිබුනා

අගෝස්තු 8 වන දින රටේ දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදු විය.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශාල භූමිකම්පාවක් සිදුවීමේ සම්භාවිතාව වඩා වැඩි නමුත් විමසිලිමත් ව සිටින ලෙස එරට ජනතාවට උපදෙස් දී තිබෙන බවයි.

Death toll rises after earthquake on Japan's Hokkaido Island | Earthquakes  News | Al Jazeera

7.6 magnitude earthquake hits Japan's coast - Good Morning America

Quake cuts power to Hokkaido, Japan – DW – 09/06/2018