චීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ අද (23) අලුයම 02ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

 

Share This