පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවකින් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

වෙළෙඳපල ණය පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමේ අපේක්ෂිත ප්‍රතිලාභය මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස සහ කඩිනමින් ලබාදිය යුතු බව මණ්ඩලය අවධාරනය කර ඇත.