ගම්පොල භූ කම්පනයක්

ගම්පොල භූ කම්පනයක්

ගම්පොල ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ රිච්චර් මාපක 02ක පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති අතර මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය.

මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පැවසීය.

 

 

 

Share This